Skip to main content

ඔබේ පාසැලට නිල SMS සේවාවක් හදුන්වාදෙන්න කැමතිද ?

මේ දිනවල නැවත හිස ඔසවන කොරෝනා වසංගත තත්වයත් සමග, ක්‍රමයෙන් සූදානම් කරගෙන තිබූ පාසැල් ආරම්භ කිරීමේ වැඩපිළිවෙල යලිත් අඩාල වී ගොස්. මේ තත්වය නිසාම යලිත් සිසුන් සහ ගුරුභවතුන් සමග සම්බන්ධතා පවත්වා ගැනීමට විවිධ ක්‍රමවේද භාවිතකරන්නට සිදුවෙනවා.

අපි කවුරුත් පසුගිය දිනවල අත්විදී පරිදි WhatsApp හෝ Viber වැනි GROUP MESSAGING සේවාවල අපි අත්විදින ප්‍රායෝගික ගැටලු කීපයක් පවතිනව. දරුවන් / දෙමාපියන් / ගුරුභවතුන් සෑම විටකම Online නොමැතිවීම නිසා හදිසි පණිවිඩ ඔවුන් වෙත යොමු කිරීම අතිශය දුෂ්කර කටයුත්තක්. මීළග ප්‍රමුඛතම ගැටලුවක් තමයි, සෑම දරුවෙක්ටම / දෙමාපියෙක්ටම  SMART PHONE එකක් නොමැතිකම. මීට අමතරව WhatsApp group හරහා සන්නිවේදනයේදී, එක් Group එකක සිසුන් සීමිත් පිරිසක් පමණක් සිටින නිසා සියලුදෙනා දැනුවත් කිරීම දුශ්කර කටයුත්තක්. 

මේ සියලු ගැටලුවලට පිලියමක් ලෙස සියලුම දෙනාට හුරු පුරුදු SMS පණිවිඩයක් මගින් සිසුන් දැනුවත් කිරීමේ සේවාවක් අපි හදුන්වා දී තිබෙනවා. මෙම ක්‍රමයේ විශේෂතා කීපයක් පවතිනවා.

1) මෙම සේවාව හරහා දරුවන්ට / දෙමාපියන්ට / ගුරුභවතුන්ට SMS යවන විට, යවන්නාගේ නාමය  පාසැලේ කෙටි කේතයක් ලෙස පෙනෙන පරිදි  SMS යැවිය හැකියි. උදා: ගාමිණී මහා විදුහල : GMV

2) SMS සේවාවට දරුවන් සතු ඕනෑම දුරකතන අංකයකින් ඔවුන් විසින්ම ලියාපදිංචි විය හැකියි. ඔවුන්ගේ භාවිතයේ පවතින දුරකතන අංක පද්ධතියට ඇතුලු කිරීමට ගුරුවරුන්ට සිදුවන්නේ නෑ.  උදා : ලියාපදිංචි වීමට : REG<space>GMV<space>ඇතුලත්වීමේ අංකය

3) එකම පද්ධතිය තුල, අවශ්‍ය ඕනෑම GROUP සංක්‍යාවක් සකස්කරගත හැකිවීම, එකම දරුවා GROUP කීපයක සාමාජිකයෙකු ලෙස පවත්වා ගැනීමට හැකිවීම. එම GROUP වලට වෙන වෙනම SMS යැවීමට හැකිවීම.

4) යැවෙන SMS පණිවිඩ ගණන අනුව පමණක් අයකිරීම සිදුවන අතර, එය අයකරනු ලබන්නේ SMS සේවාව ලබාගන්නා දුරකතනයෙනි. ( දැනට පවතින පුවත් SMS සේවාවන් ආකාරයට )

5) මෙම සේවාව ක්‍රියාත්මක කිරීමේදී පාසැලට සිදුවන වියදම් පියවා ගැනීමට, අයකරගන්නා මුදලෙන් මාසිකව ප්‍රතිශතයක් ලෙස පාසැලටම නැවත ලැබේ.


මෙම සේවාවේ ප්‍රයෝජන ලබාගැනීමට ඔබත් කැමතිනම් හෝ මේ ගැන වැඩිවිස්තර දැනගැනීමට අවශ්‍ය නම්: පහත ලින්ක් එකෙන් පෝරමය පුරවා අපට එවන්න. අපේ නියෝජිතයෙක් ඔබ සමග සම්බන්ධ වේවි.

https://forms.gle/3m2rPthXM9TLbh2u5


Comments